Twitter Twitter Delicious Facebook Digg Stumbleupon


Aston Martin වර්ගයේ කාර් එකක් Sanandreas වලට 0

 සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.මේ ලිපිය දාන්න පරක්කු වුනාට සමාවෙන්න.හුග දෙනෙක් මේ ලිපිය දානකං බලන් ඉන්න ඇති.ඉතින් ඔන්න අද මේ ලිපිය මම දාන්න හිතුවා.අද ලිපියෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද කාර් එකක් Sanandreas වලට දාගන්නේ කියලා.මම ඒකට තෝරගත්තේ Aston Martin වර්ගයේ කාර් එකක්.මම හිතනවා ඒ කාර් එක ගැන හැමෝම දන්නවා ඇති කියලා.මේ වැඩේ හුගක් ලේසි වැඩක්.මම අද ලිපියෙන් ඒ වැඩේ කියලා දීලා ඉස්සරහට තව තව කාර් වර්ග දෙන්නම්.කතා ඇති දැන් වැඩේට බහිමු.මේ වැඩේ කරන්න නම් පොඩි දෙයක් බාගන්න ඕනේ.ඒකෙ නම තමයි imgtools.වැඩිය ලොකු ෆයිල් එකක් නෙමෙයි.කිලෝබයිට් 400  (400KB) වගේ හුගක් පොඩි ෆයිල් එකක්.ඒක බාගන්න මෙතනින් යන්න.ඒක බාගෙන විතරක් මදි අපි Sanandreas වලට දාන කාර් එකත් බාගන්න එපැයැ.කාර් එක බාගන්න කලින් කාර් එකේ හැඩය එහෙමත් බලලා ඉන්නකෝ මෙන්න අද දෙන කාර් එකේ පින්තූරයක්.

 මේ පින්තූරේ ඇතිනේ.කාර් දැම්මට පස්සේ ඔයගොල්ලන්ට මේක එලවන්නත් හම්බවෙයි.මෙන්න ඒ කාර් එක මෙතනින් බාගන්න.

දැන් අපි කාර් එක Sanandreas වලට දාමු.ඒක කරන්නේ මෙන්න මෙහෙමයි.ඉස්සෙල්ලාම බාගත්ත imgtools කියන winrar ෆයිල් එක කොහෙටහරි Extract කරගන්න.ඊට පස්සේ IMGtools කියන එක ඩබල් ක්ලික් කරන්න. ක්ලික් කලාම Eror Message එකක් එයි. ඒක Ok කරන්න.ඊට පස්සේ පොඩ්ඩක් ලෝඩ් වෙලා මෙන්න මේ වගේ එකක් එයි.
 ඊට පස්සේ ඔය imgtools වල File යන්න.ගිහිල්ලා ඒකෙ තියන Open ක්ලික් කරන්න.ඊට පස්සේ ඔයගොල්ලෝ Sanandreas ඉන්ස්ටෝල් කරලා තියෙන ෆෝල්ඩර් එකට යන්න.ඊට පස්සේ ඔයගොල්ලන්ට models,anim,movies,audio වගේ ෆෝල්ඩර් ටිකක් පෙනෙයි.ඒකෙන් models ෆොල්ඩරේ ක්ලික් කරන්න.ඊට පස්සේ එතන තියෙන gta3 කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ එකක් පෙනෙයි.
 දැන් අපි දෙවනියට බාගත්ත කාර් එකත් කොහෙටහරි Extract කරන්න.ඊට පස්සේ IMGtools වල Edit ගිහින් Find ක්ලික් කරන්න.නැත්තම් IMGtools ක්ලික් කරලා F2 ඔබන්න.දැන් Find කියන තැන Bravura.dff කියලා ටයිප් කරන්න.එතකොට imgtools වල tab එකක් highlight වෙලා පෙනෙයි.දැන් imgtools වල Command කියන ටැබ් එක ක්ලික් කරලා Replace කියන එක ක්ලික් කරන්න.නැත්තම් ctrl + r ඔබන්න.දැන් ඔයගොල්ලන්ට එන වින්ඩෝව් එකෙන් ඔයගොල්ලෝ කලින් Extract කරපු කාර් එක තියන තැනට යන්න.ගියාම ඔයගොල්ලන්ට පෙනයි Bravura.dff කියලා ෆයිල් එකක්.ඒක ඩබල් ක්ලික් කරන්න.දැන් ආපහු Imgtools වල Edit ගිහින් Find යන්න.ගිහින් ඒකෙ Bravura.txd කියලා ටයිප් කරන්න.ඒ කරලා ok කලාම කලින් වගේම Highlight වෙලා පෙනයි.දැන් ආපහු Command ගිහින් Replace ක්ලික් කරලා කලින් වගේම කාර් එක තියෙන තැනට යන්න.දැන් එතන තියන Bravura.txd කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.දැන් වැඩේ හරි.දැන් සේරම close කරන්න.ඊට පස්සේ Sanandreas ගහල බලන්න.කොයිවෙලේ හරි Aston Martin කාර් එකක් ඔයගොල්ලෝ ලගින් යයි.ඔයගොල්ලන්ට තියෙන්නේ දුවලා ගිහින් කාර් එක අරගන්න විතරයි.ඔන්න එහෙනම් Sanandreas වලට කාර් දාන හැටි අද කියලා දුන්නා.ඊලග දවසේ දෙන කාර් එක ගැන අදම කියන්නම්කෝ.ඊලග දවසේ දෙන්නේ Hummer H2 වර්ගයේ කාර් එකක්.අදට ගිහිල්ලා එන්නම්.මේක ගැන ගැටළුවක් තියෙනවම් මෙතන කොමෙන්ට් එකකින් කියලා යන්න.ඒ වගේම පුළුවන් අය මේ ලිපිය ගැන ඔයගොල්ලන්ට කැමති දෙයක් කොමෙන්ට් එකකින් කියලා යන්න.පස්සේ දවසක හමුවෙමු.ඔබට ජය!!!!!!!!!!!!!!!!!!!!

0 Responses So Far:

 
Sanandreas Modifications Copyright © 2011 ChamudithaBlog is Designed by Hiran Chamuditha