Twitter Twitter Delicious Facebook Digg Stumbleupon


Sanandreas ගේම් එකේ Mission වල හිරවෙලා ඉන්න අයට පොඩි උදව්වක් 1

 සුබ දවසක් හැමෝටම!!!මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා.කාලෙකින් මගේ බ්ලොග් එක අප්ඩේට් කරන්නත් බැරිවුනා.මේ බ්ලොග් එකෙන් ඒ ටික කවර් වෙයිනේ.ඉතින් ඔයගොල්ලන්ට ගියපාර පෝස්ට් එකෙන් මම මේ බ්ලොග් එක ගැන විස්තර කිව්වා.ඒක බැලුවේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහිල්ලා බලන්න.ඒදා මට කියන්න බැරිවෙච්ච දේවල් ටිකකුයි Sanandreas ගේම් එකේ Mission වල හිරවෙලා ඉන්න කට්ටියට උදව්වකුයි දීලා යන්න තමා අද මම මේ පෝස්ට් එක දාන්නේ.ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මට එදා පෝස්ට් එකෙන් කියන්න බැරිවෙච්ච බැරිදේවල් මොනවද කියලා.එදා මට කියන්න බැරිවුනා මම මේ බ්ලොග් එකෙන් Sanandreas වලට දෙන Modifications මොනවද කියලා.ඔන්න එහෙනම් හැමෝම අහගන්න.මම මේකෙන් Sanandreas වලට කාර්,මෝටර් බයිසිකල්,ගුවන් යානා,බස්,අලුත් දූපත් වගේ දේවල් ලබාදෙනවා ඊට අමතරව Sanandreas වල රහස්,අපිට කරන්න පුළුවන් රස්සාවල් වගේ දේවලුත් ඔයගොල්ලන්ට නොමිලේ කියලා දෙනවා.
ඉදිරි ලිපි වලින් ඒවා බලාපොරොත්තු වන්න.මේ බ්ලොග් එකට නම් ලිපි දාන්න එච්චර පරක්කු වෙන එකක් නෑ.මොකද ඊලග ලිපියෙන් මම ඔයගොල්ලන්ට Sanandreas වලට කාර් දාන හැටි කියලාදෙනවා.ඊට පස්සේ ඉතින් දිගටම මම ඔයගොල්ලන්ට කාර් දෙනවා ඔයගොල්ලන්ට තියෙන්නේ කැමති නම් ඒවා දාගන්න එක විතරයි.හරි දැන් අපි බලමු මම කලින්ම කිව්ව උදව්ව මොකක්ද කියලා.දැන් Sanandreas ළග තියෙන සමහර අය ගේම් එක ඉවර කරලත් ඇති.ඒත් ඉතින් හුගක් කට්ටිය ඉන්නවනේනේ Mission වල හිරවෙලා.සමහර අය මේ හින්දා ගේම් එක අතාරිනවා .ඒත් මම අද දෙන උදව්වෙන් ඔයගොල්ලන්ට Mission කර කර කාලේ නාස්ති කරන්න ඕනෙත් නෑ.වැඩිය මහන්සි වෙන්න ඕනෙත් නෑ.මමත් මේ ගේම ඉවරකලේ මේ විදිහට තමයි.දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා.ඉස්සෙල්ලාම පොඩි දෙයක් බාගන්න තියෙනවා. ඒක මෙතනින් බාගන්න..බයවෙන්න එපා වයිරස් කිසිම දෙයක් නෑ.මමමයි මේක හැදුවේ. ඒක Winrar File එකක් විදිහට තියෙන්නේ ඒක කෙලින්ම My Document වලට Extract කරලා Sanandreas ගේම් එක Open කරන්න.ඊට පස්සේ Start Game යන්න.දැන් කෙලින්ම Load Game යන්න.ගියහම ඔයගොල්ලන්ට දෙවනි පේලියේ Dirt Track කියලා Load Game එකක් පේනවා ඇති.ඒක ක්ලික් කරලා ලෝඩ් කරගන්න.දැන් සේරම Missions ඉවරයි,හැම දූපතකටම ඔයගොල්ලන්ට ගියහැකි.ඒ කියන්නේ මුළු ගේම් එකම ඔයගොල්ලෝ තප්පර 5 කින් ඉවරකලා.දැන් ඉතින් Rox වගේ කට්ටියට පෙන්නන්න මම ගේම් එකෙ ඉවරකලා කියලා.මේක ගැන ගැටළුවක් තියෙනවනම් කොමෙන්ට් එකකින් කියලා යන්න.මම හිතන්නේ ඊළග පෝස්ට් එක දානකං කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඇති.මොකද ඊළග පෝස්ට් එකෙන් තමා වැදගත්ම දේ කියලා දෙන්නේ.ඒ තමයි කොහොමද කාර් එකක් Sanandreas වලට දාගන්නේ කියලා.එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා!!!!!මතක ඇතුව අදහසක් දාලා යන්න.පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ බ්ලොග් එක Follow කරන්න.ඔබට ජය!!!!!!!!!!

1 Responses So Far:

 
Sanandreas Modifications Copyright © 2011 ChamudithaBlog is Designed by Hiran Chamuditha