Twitter Twitter Delicious Facebook Digg Stumbleupon


Sanandreas ළග නැති කට්ටියට මෙන්න බාගන්න 0

හිරාන් චමුදිත | 4:10 AM |


 සුබ දවසක් හැමෝටම.මම හිතනවා හැමෝම හොදින් ඇති කියලා.ඉතින් කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරිවුනා.මගේ බ්ලොග් එකත් අප්ඩේට් කරන්න එපැයැ ඒක නිසා තමයි පොඩ්ඩක් පරක්කු වුනේ.හරි අද දාන පෝස්ට් එක හරිනම් දාන්න ඕනේ මේ බ්ලොග් එක පටන්ගන්න දාන පෝස්ට් එකට මොනව කරන්නද මේක හොයාගන්න පොඩ්ඩක් කල් ගියා.කොහොමහරි මේක හොයාගෙන ඔන්න අද අරගෙන ආවා.මාතෘකාවෙන්ම තේරෙන්න ඇතිනේ අද අරගෙන ආවේ මොකක්ද කියලා.අද අරගෙන ආවේ Sanandreas ගේම් එක.මේක මගෙන් කීපදෙනෙක්ම ඉල්ලපු නිසා ඔන්න අද අරගෙන ආවා.මේ ගේම් එක ගැනනම් විස්තර කියන්න ඕනෙ වෙන්නේ නෑනේ.

Hummer H2 වර්ගයේ කාර් එකක් Sanandreas වලට 0

හිරාන් චමුදිත | 6:56 PM |

 සුබ දවසක් වෙන්න ්නෙ හැමෝටම.කාලෙකින් එක බ්ලොග් එකක්වත් අප්ඩේට් කරන්න බැරිවුනා.මගේ බ්ලොග් එක මාසෙකින් විතර අප්ඩේට් කරලා නෑ.හරි ඔන්න අද අරගෙන ආවේ Hummer H2 වර්ගයේ කාර් එකක්.මම නං හිතන්නේ මේකට කාර් එකක් කියනවට වැඩිය හොදයි ජීප් එකක් වගේ කියනවනං.හැමෝම මේ කාර් එක දන්නවා ඇති.සමහරු නං දැකලත් ඇති.ඉතින් අපි දැන් බලමු මේ කාර් එක කොහොමද Sanandreas වලට දාගන්නේ කියලා.



Aston Martin වර්ගයේ කාර් එකක් Sanandreas වලට 0

හිරාන් චමුදිත | 8:39 PM |

 සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.මේ ලිපිය දාන්න පරක්කු වුනාට සමාවෙන්න.හුග දෙනෙක් මේ ලිපිය දානකං බලන් ඉන්න ඇති.ඉතින් ඔන්න අද මේ ලිපිය මම දාන්න හිතුවා.අද ලිපියෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද කාර් එකක් Sanandreas වලට දාගන්නේ කියලා.මම ඒකට තෝරගත්තේ Aston Martin වර්ගයේ කාර් එකක්.මම හිතනවා ඒ කාර් එක ගැන හැමෝම දන්නවා ඇති කියලා.මේ වැඩේ හුගක් ලේසි වැඩක්.මම අද ලිපියෙන් ඒ වැඩේ කියලා දීලා ඉස්සරහට තව තව කාර් වර්ග දෙන්නම්.කතා ඇති දැන් වැඩේට බහිමු.මේ වැඩේ කරන්න නම් පොඩි දෙයක් බාගන්න ඕනේ.ඒකෙ නම තමයි imgtools.වැඩිය ලොකු ෆයිල් එකක් නෙමෙයි.කිලෝබයිට් 400  (400KB) වගේ හුගක් පොඩි ෆයිල් එකක්.ඒක බාගන්න මෙතනින් යන්න.ඒක බාගෙන විතරක් මදි අපි Sanandreas වලට දාන කාර් එකත් බාගන්න එපැයැ.කාර් එක බාගන්න කලින් කාර් එකේ හැඩය එහෙමත් බලලා ඉන්නකෝ මෙන්න අද දෙන කාර් එකේ පින්තූරයක්.

Sanandreas ගේම් එකේ Mission වල හිරවෙලා ඉන්න අයට පොඩි උදව්වක් 1

හිරාන් චමුදිත | 9:40 PM |

 සුබ දවසක් හැමෝටම!!!මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා.කාලෙකින් මගේ බ්ලොග් එක අප්ඩේට් කරන්නත් බැරිවුනා.මේ බ්ලොග් එකෙන් ඒ ටික කවර් වෙයිනේ.ඉතින් ඔයගොල්ලන්ට ගියපාර පෝස්ට් එකෙන් මම මේ බ්ලොග් එක ගැන විස්තර කිව්වා.ඒක බැලුවේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහිල්ලා බලන්න.ඒදා මට කියන්න බැරිවෙච්ච දේවල් ටිකකුයි Sanandreas ගේම් එකේ Mission වල හිරවෙලා ඉන්න කට්ටියට උදව්වකුයි දීලා යන්න තමා අද මම මේ පෝස්ට් එක දාන්නේ.ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මට එදා පෝස්ට් එකෙන් කියන්න බැරිවෙච්ච බැරිදේවල් මොනවද කියලා.එදා මට කියන්න බැරිවුනා මම මේ බ්ලොග් එකෙන් Sanandreas වලට දෙන Modifications මොනවද කියලා.ඔන්න එහෙනම් හැමෝම අහගන්න.මම මේකෙන් Sanandreas වලට කාර්,මෝටර් බයිසිකල්,ගුවන් යානා,බස්,අලුත් දූපත් වගේ දේවල් ලබාදෙනවා ඊට අමතරව Sanandreas වල රහස්,අපිට කරන්න පුළුවන් රස්සාවල් වගේ දේවලුත් ඔයගොල්ලන්ට නොමිලේ කියලා දෙනවා.

ඔබට ඔබගේ Sanandreas ගේම් එක Modify කරගැනීමට අවශ්‍යද? 1

හිරාන් චමුදිත | 8:31 PM |

 හැමෝටම සුබ දවසක් වේවා.අද තවත් බ්ලොග් එකක් මම පටන්ගන්නවා.අද කිව්වට ඉතින් තව හුගක් වැඩ කරන්න තියෙනවා.මම මේ බ්ලොග් එක ගැන විස්තර කියන්නම්.මේ බ්ලොග් එකේ හරි නම Sanandreas Modifications තමයි ඔය කෙටි නම තමයි උඩින්ම් තියෙන්නේ.ඉතින් මේ බ්ලොග් එක වැදගත් වෙන්නේ Grand Theft Auto Sanandreas ගේම් එක ප්ලේ කරන අයට විතරයි.ඒගොල්ලෝ පොඩ්ඩක් මම කියන දේ අහගන්න.ඔයගොල්ලෝ කැමති ඇති හැමදාම Sanandreas ගේම් එකේ දකින කාර් එලවනවට වැඩිය හුගක් වෙනස් අත්දැකීමක් අත්විදින්න.උදාහරනයක් විදිහට ඔයගොල්ලෝ කැමති ඇති Sanandreas ගේම් එකේ තමන්ම Mercedez Benz වාහනයක් එලවන්න.සමහර අයට එහෙම හිතිලත් ඇති.සමහර අය මේ වැඩේ කරන්න දන්නවත් ඇති.ඒත් නොදන්න අය.........ඒගොල්ලන්ට තමයි මේ බ්ලොග් එක මම හැදුවේ.මම හිතන්නේ මේක තමයි ලංකාවේ Sanandreas Modifications පිළබද ලංකාවේ ප්‍රථම බ්ලොග් අඩවිය.


 
Sanandreas Modifications Copyright © 2011 ChamudithaBlog is Designed by Hiran Chamuditha